world-service-rss

BBC News සිංහල

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21ක HIV ආසාදන ඉහළට: එයට බලපෑ හේතු මොනවා ද?

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 21ක HIV ආසාදන ඉහළට: එයට බලපෑ හේතු මොනවා ද?

2026 වප් 4, ඉරිදා දින 03.26.26

ඇෆ්ඝනිස්ථානය, ශ්‍රී ලංකාව, නේපාලය, කෙන්යාව, සුඩානය, බ්‍රසීලය, පකිස්ථානය, යේමනය, ඊජිප්තුව, සෙනගාලය සහ පිලිපීනය ඇතුළු රටවල් 21ක සහ කලාප තුනක නව HIV ආසාදන සංඛ්‍යාව 2025 වසරේදී ඉහළ ගිය බව UNAids ආයතනය පවසයි.

සුරේෂ් සලේ ගැන වෛද්‍ය වාර්තා දුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂට සහ වෛද්‍යවරුන් 10 දෙනෙකුට නොතීසි

සුරේෂ් සලේ ගැන වෛද්‍ය වාර්තා දුන් ජාතික රෝහලේ අධ්‍යක්ෂට සහ වෛද්‍යවරුන් 10 දෙනෙකුට නොතීසි

2026 වප් 2, සිකුරාදා දින 12.48.28

පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පරීක්‍ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දස දෙනාට නොතීසි නිකුත් කර තිබේ.

ක්‍රිකට් නීති පොත අලුත් වෙයි: ICC නව නීති මෙන්න

ක්‍රිකට් නීති පොත අලුත් වෙයි: ICC නව නීති මෙන්න

2026 වප් 2, සිකුරාදා දින 10.14.31

නව තරග කොන්දේසිත් සමග විවිධ තරග රටාවන් හරහා සිදුවන ප්‍රධාන වෙනස්කම් අතරට දහවල් ටෙස්ට් තරග සඳහා රෝස පන්දු භාවිතය සහ පිතිකරුවන් කාලය අපතේ හැරීම වෙනුවෙන් පනවන දඬුවම් ද ඇතුළත් වේ. මෙම වෙනස්කම් ඔක්තෝබර් 1 වන දා හෝ ඉන්පසුව ආරම්භ වන සියලු ම ජාත්‍යන්තර තරගාවලි සඳහා බලපැවැත්වෙන අතර, දැනට පැවැත්වෙන තරගාවලි පෙර පැවති රෙගුලාසිවලට අනුව ම ක්‍රියාත්මක වනු ඇත.

‘මම තනිවෙයි කියල මට බය යි’: AI පෙම්වතුන් පෙම්වතියන්ට චීනය දැඩි සීමා පනවයි

'මම තනිවෙයි කියල මට බය යි': AI පෙම්වතුන් පෙම්වතියන්ට චීනය දැඩි සීමා පනවයි

2026 වප් 2, සිකුරාදා දින 08.03.09

මිනිස් සබඳතා අනුකරණය කළ හැකි AI චැට්බොට්වලට චීන රජය සීමා පනවා තිබේ. එය නිවැරදි පියවරක් ද යන්න පිළිබඳව විශේෂඥයෝ ප්‍රශ්න කරති.

පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව වැඩි ද?

පිරිමින්ට වඩා කාන්තාවන්ට දරාගැනීමේ හැකියාව වැඩි ද?

2026 බිනර 16, බදාදා දින 05.11.00

“මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ.” ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්‍යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි. 2015 වසරේදී ඔහු මෙම ප්‍රකාශය කරමින්, එම ප්‍රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික දුර දිවීමේ ක්‍රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.

දැන් දෙමාපියන් වන ඔබට නිදා ගැනීමට ඇති කාලය අඩුබවක් දැනෙන්නේ ඇයි?

දැන් දෙමාපියන් වන ඔබට නිදා ගැනීමට ඇති කාලය අඩුබවක් දැනෙන්නේ ඇයි?

2026 නිකිණි 31, සඳුදා දින 03.32.47

දෙමාපියන් වීම කෙතරම් වෙහෙසකර කාර්යයක් ද? යම් පුද්ගලයෙක් Redditහි දෙමාපියන් සඳහා වූ සංවාද මණ්ඩපයක (forum) මෙම ප්‍රශ්නය යොමු කළ විට, ඊට 400කට අධික ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබිණි. “අතිශයින් ම වෙහෙසකර යි. එය අතිශය වෙහෙසකර මෙන් ම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නිරන්තරයෙන් ම පවතින දෙයක්,” යනුවෙන් එක් අයෙකු අදහස් දැක්වූ අතර, තවත් සිය ගණනක් පුද්ගලයින් ද එම අදහස තහවුරු කර තිබිණි.

වැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දී වැඩිහිටි YouTube පරිශීලකයින් ගොදුරු කරගන්නා ව්‍යාජ AI වෛද්‍යවරු

වැරදි සෞඛ්‍ය උපදෙස් ලබා දී වැඩිහිටි YouTube පරිශීලකයින් ගොදුරු කරගන්නා ව්‍යාජ AI වෛද්‍යවරු

2026 නිකිණි 28, සිකුරාදා දින 02.55.27

ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් ලැබෙන උපදෙස් බරපතළ බලපෑම් ඇති කළ හැකි අතර, “වැඩිහිටි පුද්ගලයන්ට මාරාන්තික හානි පවා සිදු කළ හැකි බව” විශේෂඥයෝ අනතුරු අඟවති.

Gen Z පරම්පරාව මත්පැන් වෙනුවට කාංසාව සඳහා භාවිත කරන ඖෂධ භාවිත කරන්නේ ඇයි?

Gen Z පරම්පරාව මත්පැන් වෙනුවට කාංසාව සඳහා භාවිත කරන ඖෂධ භාවිත කරන්නේ ඇයි?

2026 නිකිණි 26, බදාදා දින 02.17.04

1997 සහ 2012 අතර කාලසීමාවේ උපන් Gen Z පරම්පරාව අතර පවතින කාංසාව පෙර කිසිදු පරම්පරාවකට වඩා ඉහළ මට්ටමක පවතී. එක් අධ්‍යයනයකින් සොයා ගැණුනේ, 1990 සිට 2021 දක්වා කාලය තුළ අවුරුදු 10-24 අතර වයස් මට්ටමේ පසුවන්නන් අතර පවතින කාංසා තත්ත්වයන් පිළිබඳ ගෝලීය සිදුවීම් මිලියන 10 සිට මිලියන 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

රිය ධාවනය කරන අතරතුර වනඅලියෙකු හමු වුණොත් කළ යුත්තේ කුමක් ද?

රිය ධාවනය කරන අතරතුර වනඅලියෙකු හමු වුණොත් කළ යුත්තේ කුමක් ද?

2026 බිනර 30, බදාදා දින 02.39.01

ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මහමග ගමන් කරන අතරතුර වන අලි හමුවීම සමහර රියැදුරන්ට සහ මගීන්ට අලුත් අත්දැකීමක් නොවේ. කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් වීඩියෝවල දැක්වෙන්නේ එවැනි අවස්ථාවලදී වාහනවල සිටින පුද්ගලයින් වන අලින්ට ආහාර ලබා දී හෝ අලියාට ඉතා ආසන්නයෙන් ගමන් කර එම සත්වයා මගහැර යාමට උත්සහ දරන ආකාරය යි.

ඔක්තෝබර් 01 දා ඇරඹෙන ‘රියැදුරු අකුසලතා ලකුණු’ ක්‍රමවේදයට අනුව රථවාහන වැරදි මොනවා ද?

ඔක්තෝබර් 01 දා ඇරඹෙන 'රියැදුරු අකුසලතා ලකුණු' ක්‍රමවේදයට අනුව රථවාහන වැරදි මොනවා ද?

2026 බිනර 29, අඟහරුවාදා දින 04.03.34

ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට අනුව හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ යටතේ රථවාහන වැරදි කරන සියලු ම රියැදුරන් සඳහා රියැදුරු අකුසලතා ලකුණු ක්‍රමවේදය (Driver Demerit Points System) ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සඳුදා (සැප්: 28) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ, මෙහි නියමු ව්‍යාපාතිය 2026 ඔක්තෝබර් 01 වන දින සිට 2027 මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ය.

අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?

අවසරයකින් තොරව පෞද්ගලික චැට් ප්‍රසිද්ධ කිරීම: පෞද්ගලිකත්වය සුරැකීමට නීතියක් තිබේ ද?

2026 බිනර 24, බ්‍රහස්පතින්දා දින 02.34.27

යම් කිසි පාර්ශවයක් සමග සිදුකළ පෞද්ගලික සංවාද (Chats) කිසිදු අවසරයකින් තොරව තවත් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම පසුගිය කාල සීමාව පුරා විටින්විට නිරීක්ෂණය විය. පෞද්ගලිකව සිදුකරන ලද සංවාද මෙලෙස සමාජ මාධ්‍ය හරහා අනෙක් පාර්ශවයේ අවසර ඇතිව හෝ නොමැතිව පළකිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ප්‍රශ්න කර තිබෙන අයුරු බීබීසී සිංහල වෙත නිරීක්ෂණය විය.

‘ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්’ - BBC නිරීක්ෂණයකින් හෙළිවේ

'ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇමෙරිකානු සම්බාධක පැනවූ ඉරාන නෞකා 21ක්' - BBC නිරීක්ෂණයකින් හෙළිවේ

2026 බිනර 18, සිකුරාදා දින 02.32.46

“ස්වෛරී රාජ්‍යයක් විදිහටත්, ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා රටක් හැටියටත් මෙතැනදී ප්‍රශ්නය එන්න හැකියාව තියෙනවා ශ්‍රී ලංකාවට. ස්වෛරී රාජ්‍යයක් හැටියට යුදමය නොවන තත්ත්වයකදී ඕනෑම රටකට සහය දෙන්න ශ්‍රී ලංකාවට කටයුතු කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවක් තමයි පහුගිය මාර්තු මාසයේදී ඉරානයේ ‘IRIS බුෂෙහර්’ නෞකාවට රැකවරණය ලබා දුන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සාගර සම්මුතියට අත්සන් කරලා තියෙන රටක් හැටියට, අපගේ මුහුදු සීමාවට අයත්වන කලාපයේදී යම් නෞකාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා උදව් ඉල්ලුවොත් ශ්‍රී ලංකාවට ඒ සහය ලබාදෙන්න සිද්ධ වෙනවා.”